ජීව විද්‍යාවෙහි, වංශයක් යනු, රාජධානියට පහළින් සහ වර්ගයට ඉහළින් පිහිටන වර්ගීකරණ මට්ටමක් හෝ වර්ගීකරණාත්මක අනුස්ථාපනයක් වෙයි. ඇල්ගි, දිලීර, සහ ශාක සඳහා ජාත්‍යන්තර නාමකරණ සංග්‍රහය විසින් මෙම පද දෙකම සමතුල්‍ය ලෙසින් සැලකුවද, උද්භිද විද්‍යාවෙහිදී වංශය යන්න වෙනුවට කාණ්ඩය යන පදය සාම්ප්‍රදායිකව භාවිතා වෙයි. අර්ථ දැක්වීම් අනුව, ඇනිමේලියා නම් සත්ත්ව රාජධානිය හෝ මෙටසෝවා (බහු සෛලිකයෝ) තුල දළ වශයෙන් 35 පමණද, ප්ලැන්ටේ නම් ශාක රාජධානිය තුල 14 පමණද, ෆන්ජයි නම් දිලීර රාජධානිය තුල 8 පමණද වංශයන් අඩංගු වෙති. වංශප්රවේණික විද්‍යාවෙහි දැනට සිදුවෙමින් පවතින පර්යේෂණ වෙතින්, ඇක්ඩිසිසෝවා සහ එම්බ්රියෝෆිටා වැනි විශාල ඒක වංශික තුල අඩංගු වංශයන් අතර සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතියි.
{{cite book}}
: Unknown parameter |displayeditors=
ignored (|display-editors=
suggested) (help)
Phyla in the plant kingdom are frequently called divisions.